ඩොලර් හිඟය නිසා ඉදිරියේ දී ඖෂධ හිඟයක් ඇති වෙයිවත් ද? මෙන්න ඒ ගැන රාජ්‍ය අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්
රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය නියාමන කටයුතු සිදුකරන බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, පවතින ඖෂධ අවශ්‍යතාවය සම්බන්ධයෙන් සළකා බලා නිශ්චිත කාලවකවානු පදනම් කර ගනිමින් ඖෂධ ගෙන්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බවය.
ඒ අනුව ඖෂධ ගෙන්වීම සඳහා අවශ්‍ය වන ඩොලර් අවශ්‍යතාවය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා සහ මහා භාණ්ඩාගාර ලේකම්වරයා දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.
මීට පෙර සිදුකළ දැනුම්දීම්වලට අනුව මහ බැංකුව විසින් ඖෂධ ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 7ක මුදලක් නිකුත් කිරීමට කටයුතු කළ බව රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා ප්‍රකාශ කළේය.
පවතින තත්ත්වය කළමනාකරණය කර ගනිමින් පවතින ඖෂධ හිඟය අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව සමන් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |