ගිනිඅවි සහ කඩු අතැති කොල්ලකරුවන්ගේ බර ගානක මංකොල්ලකෑම ! (CCTV VIDEO)
ගිනිඅවි සහ කඩු අතැතිව වෙළෙඳසැලකට මංකොල්ලකරුවන් තිදෙනෙක් ඇතුළු වන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණි.
තණමල්විල - වැල්ලවාය මාර්ගයේ තණමල්විල පොලිස් බලප්‍රදේශයට අයත් බලහරුව මංසන්ධියේ පිහිටා ඇති එළවළු තොග රැස්කරන අලෙවි සැලකට එලෙස මංකොල්ලකරුවන් ඇතුළු වී තිබේ.
වෙළෙඳසැලට ඇතුළු වන මංකොල්ලකරුවන් ගිනිඅවි හා කඩුවක් අතැතිව සිටින අතර, හිමිකරුව බිය ගන්වා මුදල් හා රන් ආභරණ කොල්ලකා පළා ගොස් ඇත.
යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් තිදෙනෙකු විසින් අදාළ මංකොල්ලය සිදුකර තිබේ.
වෙළෙඳසැලේ තිබූ ලක්ෂ 5කට අධික මුදල් හා වෙළෙඳසැල් හිමියා පැලඳ සිටි රන් මාලය ද කොල්ලකරුවන් රැගෙන ගොස් ඇත.
මේ සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වෙත පැමිණිලි කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබේ.
මෙතෙක් කිසිදු සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වු බව පොලීසිය පවසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |