පාස්කු ප්‍රහාරය ගැන පාප් වහන්සේ විශේෂ පණිවිඩයක් එවයි.මොකද්ද මේ විශේෂ පණිවිඩය ?

sri lanka world gagana news Sri lanka sinhala news today trending
By krishani Feb 09, 2022 06:09 AM GMT
krishani

krishani

Report

පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ලබා ගැනීම සදහා ශ‍්‍රී ලංකා කතෝලික සභාව ගෙන යන සටනට පූර්ණ සහයෝගය ලබා දෙන බව පාප් වහන්සේ විසින් දැනුම් දී ඇතැයි, ගරු සිරිල් ගාමිණී පියතුමා පවසයි.

පාස්කු ප‍්‍රහාරය පිළිබදව රජයේ විමර්ශශනකටයුතු සම්බන්ධයෙන්, මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානෝ, සිය කණස්සල්ල, පාප් වහන්සේ වෙත දැනුම් දී ඇති බවද ගරු සිරිල් ගාමිණී පියතුමා පවසයි.

පාස්කු ප‍්‍රහාරය පිටුපස කුමන්ත‍්‍රණයක් ඇති බවට, හිටපු නීතිපති, දප්පුල ද ලිවේරා සිදු කළ ප‍්‍රකාශය පිළිබදව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප‍්‍රශ්න කළ යුතුව ඇතැයි ද සිරිල් ගාමිණී පියතුමා යෝජනා කරයි.

එමෙන්ම, පාස්කු ප‍්‍රහාරය පිළිබදව විමර්ශනය කිරීම සදහා පත් කළ ජනාධිපති කොමිසම මගින් සිදු කර තිබෙන නිර්දේශ සියල්ල ඒ ආකාරයෙන් ම කි‍්‍රයාත්මක කිරීම කතෝලික පල්ලියට අවශ්‍යව ඇති බවද සිරිල් ගාමිණී පියතුමා පවසයි.

වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම තව දුරටත් ප‍්‍රමාද වන්නේ නම්, ප‍්‍රශ්නය ජාත්‍යන්තරය වෙත ගෙන යෑමට පසුබට නොවන බවද උන් වහන්සේ පවසා තිබේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now