කාන්තාවන්ට බොරු පොරොන්දු දීලා නිධන් හාරද්දී මාට්ටු වෙලා !

sri lanka arrested gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 09, 2022 01:36 AM GMT
krishani

krishani

Report

කාන්තාවන් විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබාදී මුදල් වංචා කිරීම ඇතුලු චෝදනා කිහිපයකට පොලිසියට අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවත් තරුණියක් සමග මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ නිධානයක් ලබාගැනීමට උත්සාහ කරමින් සිටියදීයි.

පොළොව අභ්‍යන්තරයේ ඇති ලෝහ වර්ග හෝ මුතු මැණික් පිළිබඳ තොරතුරු ලබාගත හැකි අධි බලැති ස්කෑනර් යන්ත්‍රයක් ද සැකකරුවන් සමග පොලිස් භාරයට ගෙන තිබෙනවා.

නාවුල මේල්පිටිය ගම්මානයේ නිවසක් අසල පුරාවස්තු ගොඩ ගැනීම සඳහා සැකකරු සූදානම් වෙමින් සිටියදීයි පොලිස් කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත්තේ.

මෙම පුද්ගලයාට දීර්ඝ කාලයක සිට නිධන් හෑරීම, කාන්තාවන් රවටා මුදල් ලබා ගැනීම, ස්වර්ණාභරණ බලහත්කාරයෙන් ලබාගැනීම සහ කාන්තාවන් විවාහ කර ගන්නා බවට පොරොන්දු ලබාදී මගහැරීම ඇතුලු චෝදනා රැසක් පවතිනවා.

නවගත්තේගම ප්‍රදේශයේ පදිංචි අයෙක් වන 46 හැවිරිදි සැකකරු නවගත්තේගම පොලිසියට අවශ්‍ය කර සිටි අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

සැකකරු සමග අත්අඩංගුවට පත්වූ 21 හැවිරිදි තරුණිය දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

ඔවුන් සතුව තිබී යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සම්බන්ධයෙන් නාවුල පොලිසිය පරීක්ෂණ සිදුකරන අතර ඔවුන් දෙදෙනා හෙට නාවුල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.\


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now