කුසල් මෙන්ඩිස්ටත් කොවිඩ් ආසාදනය වෙයි.එකොළොස්වෙනිදා ක්‍රිකට් තරඟාවලියට කුමක් වෙයි ද ?
sri lanka
covid 19
cricketer
gagana news
Sri lanka sinhala news
today trending news
Mr.Kusal Mendis
By krishani
ඔස්ට්‍රෙලියාවේ තරග සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස්ට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරනවා.
මේ අනුව ලබන එකොළොස් වැනිදා ආරම්භ වන මෙම සංචාරයේ පළමු තරගය කුසල් මෙන්ඩිස්ට අහිමි වනු ඇති.
මේ තරගයේ දී කඩුලු රැකීමේ වගකීම දිනේෂ් චන්දිමාල් වෙත පැවරෙනු ඇති බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පවසා සිටියේ.
තරගයට පෙර ඕස්ට්‍රේලියාවේ හිදී පැවැත් වූ මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා කණ්ඩායම නායක දසුන් ශානක මේ අදහස් පළකර සිටියා.
මේ අතර සංචාරයට පෙර කොවිඩ් -19 ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඕස්ට්‍රෙලියාව බලා පිටත්ව වීමට නොහැකි වූ චාමික කරුණාරත්න දැන් සුවය ලබා ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක් වී සිටිනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |