තවත් පිපිරීමකින් පුද්ගලයෙක් මරුට.. සම්පූර්ණ විස්තරය

By Sithumi Dec 05, 2021 01:41 PM GMT
Sithumi

Sithumi

Report


පාළු ප්‍රදේශයක තිබී සොයාගත් මෝටාර් ගිනිඅවියක උණ්ඩයක් තම නිවසට රැගෙනවිත් ග්‍රයින්ඩරයකින් කැපීමට උත්සාහ කළ පුද්ගලයෙකු එය පිපිරීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබේ. එලෙස මියගොස් ඇත්තේ කිලිනොච්චි පොලිස් වසමේ පරන්තන් උමයාල්පුරම් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. ඔහු 25 හැවිරිදි විවාහකයෙකි.

අනතුර සිදුවෙන අවස්ථාවේ එම ස්ථානයේ සිටි තවත් වයස අවුරුදු 13ක අදාළ පුද්ගලයාගේ බාල සහෝදරයාද තුවාල ලබා කිලිනොච්චි රෝහලට ඇතුළත් කර තිබේ. මි

යගිය පුද්ගලයාගේ නිවෙස පරීක්ෂා කිරීමේදී මේ ආකාරයෙන් කැපීමට රැගෙනවිත් තිබූ පැරණි මෝටාර් උණ්ඩ කිහිපයක් සොයාගත් බවද පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now