ජයග්‍රහණය වෙනුවෙන් ලංකාවට දැවැන්ත ඉලක්කයක් - මුළු ලංකාවම බලන් ඉන්න අවසන් තරගය හෙට

Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය නිමාවන විට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 372ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 84ක් ලබා සිටි‍යි.

එබැවින් තරගයේ අවසන් දිනය වන හෙට දිනයේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 288ක් අවශ්‍ය වන අතර කඩුලු 6ක් අතැතිව එම අභියෝගයට මුහුණදීමට සිදු වේ.

කෙසේ වෙතත් දිනය නිමාවන විට නායක ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 31ක් සහ සොනාල් දිනූෂ නොදැවී ලකුණු 25ක් ලබා කඩුල්ලේ රැඳී සිටි අතර ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී නිශාන් මධුෂ්ක ලකුණු 6කටත්, පසිඳු සූරියබණ්ඩාර ලකුණු නොලබාත්, කමිඳු මෙන්ඩිස් ලකුණු 2කටත්, ලහිරු උදාර ලකුණු 16කටත් දැවී ගියා.

ආබාධයකට ලක්වූ චන්දිමාල් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් කැඳවයි

ආබාධයකට ලක්වූ චන්දිමාල් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙක් කැඳවයි

එමෙන්ම මින් පෙර ඉන්දියාව සිය දෙවැනි ඉනිම ලකුණු 193කට සීමා කළ අතර, ශ්‍රී ලංකාවට ලකුණු 372ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවිය.

එසේම ඉන්දීය දෙවැනි ඉනිමේදී රිෂාබ් පන්ට් ලකුණු 66ක් ලබාගත් අතර, කේ.එල්. රාහුල් ලකුණු 35ක් සහ දේව්දත් පඩික්කල් ලකුණු 44ක් රැස් කිරීමට සමත් විය.

තවද ශ්‍රී ලංකාව වෙනුවෙන් අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවාගත් අතර, ප්‍රභාත් ජයසූරිය කඩුලු 3ක් සහ ලහිරු කුමාර කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

එසේම ඉන්දීය පළමු ඉනිමේදී ලකුණු 462ක් රැස් කළ අතර, ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව සිය පළමු ඉනිමට ලකුණු 284ක් ලබා ගෙන ඇත.

එබැවින් තරගයේ අවසන් දිනයේදී ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 288ක් අවශ්‍ය වන අතර, කඩුලු 6ක් අතැතිව එම ඉලක්කය හඹා යාමට සිදුව තිබෙනවා.

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

අද සිට ලබන 28 දක්වා දින 11ක් මේ සුරාසැල් වසා දමයි - සුරාබදු දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මේ රාජ්‍ය නිලධාරීන්ට ජපානයට යන්න වරම් - ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට ජපානයෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 591ක ආධාරයක්

මේ රාජ්‍ය නිලධාරීන්ට ජපානයට යන්න වරම් - ශිෂ්‍යත්ව ව්‍යාපෘතියට ජපානයෙන් ශ්‍රී ලංකාවට රු. මිලියන 591ක ආධාරයක්

අඩු ආදායම්ලාභී පවුල්වල මේ සිසුන්ට සුබ ආරංචියක් - රු 5000ක විශේෂ මාසික දීමනාවක්

අඩු ආදායම්ලාභී පවුල්වල මේ සිසුන්ට සුබ ආරංචියක් - රු 5000ක විශේෂ මාසික දීමනාවක්