තරුණයෙකු කපා කොටා මරන්න ප්ලෑන් කරපු පුද්ගලයා අත්තඩංගුවට

Sri Lanka Police Murder Sinhala news
By Hashan May 02, 2025 12:12 PM GMT
Hashan

Hashan

Report

ගල්කිස්ස පොලිස් වසමේ වයස අවුරුදු 23 ක පුද්ගලයෙකු ඊයේ (1) කපාකොටා ඝාතනය කර තිබෙනවා . අදාළ පුද්ගල මළ සිරුර හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ තිබිය දී හමු වූ බවට වාර්තා වී ඇත  .

සිද්ධිය සම්බන්ධයෙන් මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු අද (2) අලුයම ගල්කිස්ස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා .

ඩෙංගු මර්දන‍යට ස්ථීර තනතුරු 671 ක්

ඩෙංගු මර්දන‍යට ස්ථීර තනතුරු 671 ක්

අදාළ සැකකරු ශාන්ත රීටා පාර, ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර ඔහු වයස අවුරුදු 52 ක අයෙක් බවයි පොලීසිය පවසා සිටියේ .

ඝාතනයට ලක් වූ වයස අවුරුදු 23ක පුද්ගලයාගේ සහෝදරයා විසින් ගල්කිස්ස පොලිසිය වෙත තම සහෝදරයා අතුරුදන් වුවා යැයි පවසමින් පැමිණිල්ලක් සිදු කර තිබෙනවා .ඒ අනුව සිදු කළ විමර්ශන ඔස්සේ අදාළ මරණය අනාවරණය වූ බව ගල්කිස්ස පොලිසිය සදහන් කර සිටියා.   

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි .

ඡන්දෙට අමතර බස් නෑ

ඡන්දෙට අමතර බස් නෑ

ReeCha