මේක නොසලකා ඉන්න එපා..මෙනින්ජයිටීස් සහ ඉබෝලා වෛරසය ගැන ලංකාවෙම ජනතාවට සොඛ්‍යයෙන් දැනුම්දීමක්
ලොව පුරා පැතිර යන ඉබෝලා වෛරසය සහ මෙරට පැතිර යන මෙනින්ජයිටීස් රෝගය සම්බන්ධව සෞඛ්‍ය අංශ අවධානය යොමු කර තිබෙන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
ඒ අනුව අද (01) දින පැවැති වැඩසටහනකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්විමින් ඔහු සඳහන් කළේ මෙරට පැතිර යන මෙනින්ජයිටිස් රෝගය පාලනයට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් පවතින බවත් ඒ වෙනුවෙන් ජනතා සහයෝගයද බලාපෙරොත්තු වන බවයි.
එමෙන්ම ඉබෝලා රෝගය සම්බන්ධව වසංගත රෝග විද්‍යා ඒකකය විශේෂ අවධානය යොමු කර ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා ඒ පිළිබඳව අවශ්‍ය කෙරෙන උපදෙස් සෞඛ්‍ය අංශ වෙත ලබා දී ඇති බවද පැවසුවා.
එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා,
"අප්‍රිකානු රටවල් කිහිපයක තමයි මේක ඉස්සෙල්ලාම ආරම්භ වුණේ. ඊට පස්සේ WHO එක මේක හදිසි තත්ත්වයක් ලෙස වාර්තා කළා. එතැන් සිටම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය මේ සම්බන්ධව නිරන්තරව අවධානය යොමු කරමින් අවශ්‍ය කරන උපදෙස් අපේ සෞඛ්‍ය පද්ධතියට ලබා දීලා තිබෙනවා. ඒ අනුව කටයුතු කරමින් පවතිනවා. අනිත් එක පසුගිය දවස්වල වාර්තා වුණු මෙනින්ජයිටිස් කියන රෝගය සම්බන්ධයෙනුත් ඒක වාර්තා වුණු පළවෙනි දවසේ සිටම ඒ ගැන අවධානය යොමු කර එය වළක්වා ගැනීම සඳහා වන පියවර ගත්තා. ඒ නිසා තමයි පසුගිය දවස්වල දන්සැල්වලදිත් අපි තේ වැනි උණුසුම් දියරයක් ලබා දෙන්න කියලා කිව්වෙත් යම් කිසි ආකාරයකට මෙනින්ජයිටීස් පැතිරිය හැකි නිසා. නමුත් යම් මට්ටමකට ඒක පාලනය කරගන්න සෞඛ්‍ය අංශ සමත්වෙලා තිබෙනවා. මේ ප්‍රමාණයට පාලනය වුණාට මේක නොසලකා ඉන්න එපා. විශේෂයෙන් කුඩා දරුවන් අතරේ පැවතුණා. අවශ්‍ය කරන දේ සූදානම් කරලා තිබෙන්නේ තවදුරටත් රෝගය පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය කරන ජනතා සහයෝගය බලාපොරොත්තු වෙනවා."