දශක 03කට අධික කාලයක් මෙරට පැවති කුරිරු ත්‍රස්තවාදය පරදා අදට වසර 17ක්

Report

දශක තුනකට අධික කාලයක් මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත්කර අදට (18) වසර 17ක් සපිරේ.

1975 වර්ෂයේ ජුලි 27 වනදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙයප්පා ඝාතනය කරමින් මෙරට දෙකඩ කිරීමේ මූලික පියවර තැබූ ත්‍රස්තවාදීන්, ශ්‍රී ලංකා මහ බැංකුව සහ කටුනායක ගුවන්තොටුපල වැනි ආර්ථික මර්මස්ථානවලට මෙන්ම ජය ශ්‍රී මහබෝධිය සහ ශ්‍රී දළදා මාලිගාව වැනි පූජනීය ස්ථානවලට ද ප්‍රහාර එල්ල කරමින් විශාල විනාශයක් සිදු කළේය.

නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න

නැවතත් තෙල් මිල ඉහළට - නව මිල මෙන්න

නැගෙනහිර මවිල්ආරු සොරොව්ව වසා දැමීමත් සමඟ විරෝධාර රණවිරුවන් සේනාංක 8ක් ඔස්සේ මානුෂීය මෙහෙයුම් ආරම්භ කළ අතර, ත්‍රස්තවාදීන් ප්‍රාණ ඇපයට ගෙන සිටි අහිංසක ජනතාව ද මුදාගනිමින් ඉදිරියට ඇදුණි.

අවසානයේ 2009 වසරේ මැයි 18 වනදා නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මෙම කුරිරු යුද්ධය නිමාවට පත් විය.

රට මුදාගැනීම වෙනුවෙන් කැපවූ දේශපාලන නායකත්වය, ආරක්ෂක අංශ සහ රණවිරුවන්ගේ වීරත්වය ශ්‍රී ලාංකේය හදවත් තුළ සදා ජීවමාන වේ.

මේ අතර යුධ ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කෙරෙන "ජාතික විජයග්‍රාහි සැමරුම් උත්සවය" ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (19) බත්තරමුල්ලේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී සාම්ප්‍රදායික අයුරින් පැවැත්වීමට නියමිතය.

අදත් කාලගුණයේ වෙනසක් - මේ ප්‍රදේශවලට දරුණු වැසි

අදත් කාලගුණයේ වෙනසක් - මේ ප්‍රදේශවලට දරුණු වැසි

රණවිරු සේවා අධිකාරිය සඳහන් කළේ මෙවර සැමරුම් උත්සවය සඳහා පළමුවරට උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දිවි පිදූ රණවිරුවන්ගේ ඥාතීන් ද එක්වන බවයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රණවිරු සේවා අධිකාරියේ සභාපති බ්‍රිගේඩියර් එස්.බි.කොහොන මහතා මේ බව තහවුරු කළේය.