2027 ICC කාන්තා ශූරයන්ගේ කුසලාන සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කෙරෙයි

Report

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 2027 ICC කාන්තා ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

මෙරට ක්‍රිකට් පාලනය සඳහා පත්කර ඇති ක්‍රිකට් පරිවර්තන කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් පිළිනොගැනීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත. ඒ අනුව අදාළ තරගාවලිය ඉදිරියේදී වෙනත් රටක සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතය.

විශේෂ නිවේදනයක් - මෙරට ආරක්ෂක අංශ නේපාලයට යැවීමට විශේෂ තීරණයක්

විශේෂ නිවේදනයක් - මෙරට ආරක්ෂක අංශ නේපාලයට යැවීමට විශේෂ තීරණයක්

ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවැති පූර්ව ක්‍රිකට් පරිපාලනය විසින් මෙම ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබාගැනීමට කටයුතු කර තිබුණි.

මේ පිළිබඳව කළ විමසීමකදී ක්‍රිකට් පරිවර්තන කමිටුවේ ලේකම් ප්‍රකාශ් ශාෆ්ටර් මහතා සඳහන් කළේ, 2027 කාන්තා ශූරයන්ගේ කුසලාන තරගාවලිය ඉදිරියේදී වෙනත් රටක පවත්වන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිල වශයෙන් දැනුම් දී ඇති බවයි.

ශ්‍රී ලංකාවට හිරු මුදුන් වන දවස් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලංකාවට හිරු මුදුන් වන දවස් ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්