විශේෂ නිවේදනයක් - මෙරට ආරක්ෂක අංශ නේපාලයට යැවීමට විශේෂ තීරණයක්

Report

නේපාලයේ හටගත් හදිසි ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලාංකික ආපදා සහන සේවා කණ්ඩායම් ඉදිරි දින කිහිපය තුළ එරටට යැවීමට සැලසුම් කර ඇති බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, නේපාලයේ ආපදාවට ලක්වූ ප්‍රදේශවල සෙවීම්, මුදාගැනීම් සහ අත්‍යවශ්‍ය සහන සේවා කටයුතු සඳහා මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් සමන්විත විශේෂිත සහන කණ්ඩායම් යොමු කිරීමට රජය තීරණය කර ඇති බවයි.

තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමඟ කෙටි ආහාර මිල ඉහළට - නව අගයන් ඉහළට

තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමඟ කෙටි ආහාර මිල ඉහළට - නව අගයන් ඉහළට

හිමාල කඳුවැටියේ ග්ලැසියරයක් කඩාවැටීමෙන් හටගත් මෙම විනාශකාරී ගංවතුර තත්ත්වය හමුවේ පීඩාවට පත් නේපාල වැසියන් වෙනුවෙන් ශ්‍රී ලංකා රජය පූර්ණ මානුෂීය සහයෝගය ලබාදීමට සූදානම් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පිළියන්දල - කොට්ටාව මාර්ගයේ දරුණු අනතුරක් - 7 ක් රෝහලට

පිළියන්දල - කොට්ටාව මාර්ගයේ දරුණු අනතුරක් - 7 ක් රෝහලට