යළිත් මුළු රටම වසා දමන්න කියයි..ලබන සතියේ කරන්න යන දේ මෙන්න.(VIDEO)

Covid Sri Lanka Lock down Phi
By Aruna Nov 30, 2021 05:52 AM GMT
Aruna

Aruna

Report

PHI සංගමයෙන් ජනතාවට විශේෂ පණිවිඩයක් එළැඹෙන උත්සව සමයේදී රට සම්පූර්ණයෙන් වසා දැමීමට හෝ සංචරණ සීමා පැනවීමට සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වගකීම් විරහිතව සමාජය තුළ හැසිරෙන මහජනතාව විසින් බාර ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ පැවැසීය. හෙතෙම වැඩිදුරටත් මෙසේද කීවේය.

‘මේ වනවිට නැවත වතාවක් කොවිඩ් ආසාදිතයන්ගේ සහ මරණ ප්‍රමාණයේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙනවා. එයට ප්‍රධානතම හේතුව මහජනතාවගේ නොසැලකිල්ලයි.

පසුගිය උත්සව සමයන්වලදී මුහුණ දුන් අත්දැකීම් ඇතැමුන් අමතක කර තිබෙනවා.

දිනක, දෙකක විනෝදය හෝ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් සෞඛ්‍ය උපදේශයන් නොපිළිපදින්නේ නම් එහි වන්දිය සති, මාස ගණන් ගෙවීමට ජනතාවට සිදුවන බව අපි අමතක නොකළ යුතුයි.

එමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික මගී ප්‍රවාහන සේවා සම්බන්ධයෙන් ද අපිට කිසිදු ආකාරයකින් සෑහීමකට පත් වෙන්න බැහැ.

ඇතැම් පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක වන්නේ කිසිදු දිනක කොවිඩ් වසංගතය අප රටේ නොතිබුණු ගානටයි.

ඉදිරි සතියක පමණ කාලයකදී වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සහ මරණ ප්‍රමාණය අනුව යම් ආකාරයකට රට වසා දැමීමට හෝ සංචරණ සීම පැනවීම සඳහා නිර්දේශ ඉල්ලා සිටියහොත් බිම් මට්ටමේ රාජකාරි කරන සෞඛ්‍ය නිලධාරීන් ලෙස එම නිර්දේශය ලබා දීමට අකමැත්තෙන් වුවත් සිදු වෙනවා.’

මේ අතර, දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිපයකින් මේ වන විට වාර්තා වන ‘කොමික්‍රෝන්’ නමැති නව කොවිඩ් ප්‍රභේදය මෙරටින් වාර්තා වුවහොත් එම වයිරසයේ හැසිරිම දරුවන්ට කෙසේ බලපාන්නේද යන්න පිළිබඳ විශේෂඥයන් අදහස් පළකර තෙක් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තර කරන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය දෙමාපියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

මේ අතර දකුණු අප්‍රිකානු කලාපයෙන් හඳුනාගන්නා ලද කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දැනටත් ශ්‍රී ලංකාවට පැමිණ තිබිය හැකි බව ජොන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරයි.

එසේ වුවහොත් ලංකාව ඉතා බරපතල අනතුරක බවද ඒ මහතා අනතුරු අගවයි.

පසුගිය දින දාහතරක් තිස්සේ තුළ මෙරටට පැමිණ අය පරීක්ෂාවට ලක් කිරීමෙන් ඵලක් නැති බවත් අවම වශයෙන් මාසෙකට වත් පෙර පැමිණි අය නිරෝදායනයට ලක් කර පරීක්ෂාවට ලක් කළ යුතු බව ද ඔහු කියා සිටියි.

වෛරස ප‍්‍රභේදයෙන් බේරීම සඳහා අප්‍රිකානු කලාපයට පමණක් රට වසා දැමීමේ තේරුමක් නැතැයි ද ඔහු පවසයි.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now