එළඹෙන උත්සව සමයේ රට වසා දැමීමේ තීරණය මෙන්න.

Sri Lanka Lock down Cabinet Ramesh pathirana
By Aruna Nov 30, 2021 07:30 AM GMT
Aruna

Aruna

Report

එළඹෙන උත්සව සමයේ රට වසා දැමීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මේ අතර, නව ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදය මෙරටට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ අද යලි ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, එම ප්‍රභේදය ආසාදිත වූවන් නොදැනුවත්ව හෝ මෙරටට ඇතුළු විය හැකි බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ.

එසේම, නව ප්‍රභේදයේ ආසාදිතයින් හදුනාගත හැක්කේ, නියැදි පරීක්ෂණ හරහා පමණක් බවද ඔහු කියා සිටියා.

නව ඔමික්‍රොන් ප්‍රභේදය ව්‍යාප්තිය හේතුවෙන් රට වසා දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මුව ආවරණය පැලඳීම සහ එන්නත්කරණය සිදු කිරීම අත්‍යාවශ්‍ය බවයි ඔහු පෙන්වා දුන්නේ.

නව ප්‍රභේදය සඳහා අවශ්‍ය වුවහොත් නව එන්නතක් නිෂ්පාදනය කිරීමට වුව ද සූදානම් බවයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පෙන්වා දුන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now