තව සති 02කින් වෙනදේ මෙන්න..ප්‍රදේශ වශයෙන් ලොක්ඩවුන් කරන්න යයි?..

Covid Corona Sri Lanka Lock down
By Aruna Nov 09, 2021 04:52 AM GMT
Aruna

Aruna

Report

රටපුරා කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය රෝහල් පද්ධතියට දැනෙන ආකාරයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කරයි.

මෙම ආසාදිතයන් වැඩිවීම සියයට 5ත් 7ත් අතර බවද පැවසූ ඒ මහතා මෙම තත්ත්වය ඉතා සීඝ්‍රයෙන් විශාල වැඩිවීමක් දක්වා තල්ලු විය හැකි බවද කියා සිටියේය.

පසුගිය සති අන්ත නිවාඩු සහ නිවාඩු දිනවල ජනතාව කටයුතු කළ ආකාරය මත මෙම අහිතකර ප්‍රතිඵල ලැබී ඇති බවත් මෙහි නියම ප්‍රතිඵල දැක බලා ගැනීමට තව සතියක් දෙකක් ගත වනු ඇති බවත් ඔහු තවදුරටත් පවසයි.

රට විවෘත කළේ ජනතාවගේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යාමට මිස විනෝද සවාරි යාමට නොවන බවද ඔහු සඳහන් කළේය.

සෞඛ්‍ය නීතිවලට අනුගතව කටයුතු කරන්නැයි ඉතා උවමනාවෙන් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් එසේ නොකළහොත් කොරෝනා ව්‍යාප්තිය ඉහල ගොස් අධ්‍යාපනය හා ආර්ථික ඇතුළු සියලු ක්‍ෂෙත‍්‍ර කඩා වැටිය හැකි බවත් හෙතෙම කියා සිටියි.

වෛරස ව්‍යාප්තිය තත්වය අනුව ඉදිරියේ දී ඒ ඒ ප්‍රදේශ හෝ අංශය පමණක් වසා දැමීමට සිදු වනු ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha