අර්බුද මැද ලිට්‍රෝ සමාගම ජනතාවට කළ විශේෂ ප්‍රකාශය මෙන්න - අනිවාර්යෙන්ම මේ ගැනත් දැනුවත් වන්න..

litro gas special announcement trending news Sri lanka sinhala news
By krishani Apr 10, 2022 04:22 AM GMT
krishani

krishani

Report

ලිට්රෝ සමාගම මෙතෙක් ගෑස් මිල වැඩි කිරීමක් සිදු නොකර ඇති බැවින් වැඩි මිලට ගෑස් අලෙවි කරන වෙළඳුන් පිළිබඳව පොලිසියට පැමිණිලි කරන ලෙස ලිට්රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පාරිභෝගිකයින්ට දැනුම් දෙනවා.

එසේම, ඒ පිළිබඳව පැමිණිලි ලිට්රෝ සමාගමේ 1311 දුරකතන අංකයටද දැනුම්දිය හැකි බවයි ඔහු කියා සිටියේ.

මේ අතර, ගෑස් මෙට්‍රික් ටොන් 3900 ක් රැගෙන මාලදිවයිනේ සිට ඊයේ (09) දිවයිනට පැමිණි නෞකාවෙන් ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

සමාගමේ නිෂ්පාදන කටයුතු අඛන්ඩව සිදුකෙරෙන අතර, මේ වනවිට දිනකට ගෑස් සිලින්ඩර 110,000 ක් පමණ වෙළඳපොලට නිකුත් කිරීමට කටයුතු කරන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

කෙසේ වෙතත් දිවයිනේ ප්‍රදේශ රැසක ගෑස් අලෙවි මධ්‍යස්ථාන ඉදිරිපිට ඊයේ තවදුරටත් ගෑස් පෝලිම් දැකගත හැකිවුණා.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join