හෙට දින රටේ වෙන්න යනදේ මෙන්න - වසර 14කට පසු එක්වී ගත් තීරණයක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා පවසන්නේ හෙට දිනයේ අධිකරණ කටයුතුවලින් බැහැරවීමට තීරණය කළ බවයි.
අද (15) දින එම සංගමය මෙම තීරණය ගෙන ඇත්තේ, වසර 14කට පසුව පැවැති මහසභා රැස්වීමේදීය.
ඊට නීතිඥයින් 3500ක් පමණ සහභාගී වූ බවත් ඇතැම් පිරිස් සූම් තාක්ෂණය ඔස්සේ අදාළ රැස්වීමට එක්වූ අතර අදාළ සාකච්චාවේදී අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකුට හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.