ශ්‍රී ලංකා තැඹිලි වලට ජපානයේ ඉහල ඉල්ලුමක්..

Sri Lanka Japan Sri Lanka Relationship Japan
By Aruna Jun 08, 2023 06:52 AM GMT
Aruna

Aruna

Report

ජපානයේ කමගයා නාගරික ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා ෆෙස්ටිවල් 2023 උත්සවයේදී මෙරට තැඹිලි සඳහා විශාල ඉල්ලුමක් පැවති බව වැවලි කර්මාන්ත අමාත්‍යංශය පවසනවා.

ඒ අනුව එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ, මෙරට තැඹිලි නිෂ්පාදන අපනයනයේ යෙදෙන ව්‍යවසායකයන්ට එය සුබදායි පණිවුඩයක් බවයි .

ශ්‍රී ලංකාව සංචාරක වශයෙන් ප්‍රවර්ධනය කිරීමටත්, මෙරට නිෂ්පාදන හා සේවාවන් ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගනිමින් අදාළ උත්සවය ජපන් - ශ්‍රී ලංකා සංගමය විසින් සංවිධාන කෙරුණා.

එහිදී තැඹිලිවලට අමතරව වෙනත් ශ්‍රී ලාංකික නිෂ්පාදනයන් මිලදී ගැනීමට ජපන් වැසියන් කටයුතු කළ බවයි වැවිලි කර්මාන්ත අමාත්‍යංශය සඳහන් කළේ.