ඉදිරි පැය 24 සඳහා වලංගු වන කාලගුණ නිවේදනයක් - මේ ප්‍රදේශ වල ජනතාවගේ විශේෂ අවධානයට

Report

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය සහ මන්නාරම හරහා මීගමුව දක්වා සහ, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය මන්නාරම හරහා මීගමුව දක්වා සහ, ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 55-65ක් දක්වා වැඩිවන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ.

පාසල් වසා දැමීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යක්ෂවරුන්ට උපදෙස්

පාසල් වසා දැමීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යක්ෂවරුන්ට උපදෙස්

පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 2.0 - 2.5ක් පමණ ඉහළයාමේ හැකියාවක් පවතී.

එබැවින් එම මුහුදු ප්‍රදේශවල සිය කටයුතුවල යෙදන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබයි. අද (23) පස්වරු 2ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට පස්වරු 2 දක්වා වලංගු වෙයි.

අද පැය 8කට ජල කප්පාදුවක් - මේ පැති වල ජනතාවට විශේෂ නිවේදනයක් - නැවත වතුර එන වෙලාව මෙන්න

අද පැය 8කට ජල කප්පාදුවක් - මේ පැති වල ජනතාවට විශේෂ නිවේදනයක් - නැවත වතුර එන වෙලාව මෙන්න