අද පැය 8කට ජල කප්පාදුවක් - මේ පැති වල ජනතාවට විශේෂ නිවේදනයක් - නැවත වතුර එන වෙලාව මෙන්න

Report

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට අද (23) පැය 08ක කාලයක් සඳහා තාවකාලිකව ජල සැපයුම අත්හිටුවන බවයි.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ කලාවැව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීම සිදුකරන බවයි.

පාසල් වසා දැමීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යක්ෂවරුන්ට උපදෙස්

පාසල් වසා දැමීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් - විදුහල්පතිවරුන්ට හා කලාප අධ්‍යක්ෂවරුන්ට උපදෙස්

එම නිවේදනයට අනුව අද (23) පෙරවරු 8.30 සිට පස්වරු 4.30 දක්වා ඉහළගම, කලාවැව, මරදන්කඩවල, තිරප්පනේ සහ කැකිරාව යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් සිදුවන අපහසුතා මඟහරවා ගැනීම සඳහා අවශ්‍ය ජලය කල්තියා රැස්කර තබා ගන්නා ලෙසයි.

එමෙන්ම, ජල සැපයුම යථා තත්ත්වයට පත් කරන තෙක් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසද එම මණ්ඩලය දැනුම් දෙයි.

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

රියදුරු බලපත්‍ර ගන්නද ඉන්නේ? ලබන 24 වනදා සිට ක්‍රියාත්මක වන අලුත්ම ක්‍රමවේදය

Gallery