ගැටබරු මහා විහාරයේ ඇසළ පෙරහර වෙනුවෙන් අකුරැස්ස - දෙනියාය පාරේ විශේෂ රථවාහන සැලසුමක් සැප්තැම්බර් 25 සහ 26 මාර්ග සීමා කිරීම් මෙන්න
කොස්මෝදර පොලිස් වසමට අයත් ගැටබරු මහා විහාරයේ වාර්ෂික ඇසළ පෙරහර හේතුවෙන්, එළඹෙන 25 සහ 26 යන දිනයන්හි පස්වරු 4.00 සිට පසුදින අලුයම 3.00 දක්වා අකුරැස්ස – දෙනියාය ප්‍රධාන මාර්ගයේ ගල්දොල හන්දියේ සිට මොරවක් කෝරළය දක්වා කොටසේ රථවාහන ගමනාගමනය සීමා කෙරේ.
එම කාලසීමාව තුළ භාවිත කළ හැකි විකල්ප මාර්ග පහත පරිදි වේ
1. බර වාහන සඳහා විකල්ප මාර්ග (දෙදිශාවටම)
දෙනියාය සිට මාතර/අකුරැස්ස දෙසට
දෙනියාය 51 හන්දියෙන් රක්වාන මාර්ගයට හැරී 2.5km පමණ ගොස් හැන්ෆඩ් හන්දියෙන් දකුණට ඇති තලපලාකන්ද මාර්ගය ඔස්සේ බෙරලපනාතර හන්දියට පැමිණීම.එතැනින් ඌරුබොක්ක-කොටපොල මාර්ගයේ කොටපොල දෙසට ගොස් කිරිලිපන හන්දියෙන් වමට හැරී මොලොක්ගමුව හන්දියට පැමිණීමපසුව දකුණට හැරී ගල්දොල මාර්ගයේ ගල්දොල හන්දියට පැමිණ අකුරැස්ස හරහා මාතර දෙසට ගමන් කිරීම(මාතර දෙස සිට දෙනියාය දෙසට යන බර වාහන සඳහා ද මෙම මාර්ගයේම අනෙක් පසට ගමන් කළ හැක)
2. සැහැල්ලු වාහන සඳහා විකල්ප මාර්ග
දෙනියාය සිට මාතර/අකුරැස්ස දෙසට:
T.R.I හන්දියෙන් වමට හැරී බෝදෙනිය මාර්ගය ඔස්සේ කොටපොල-ඌරුබොක්ක මාර්ගයට පැමිණීම.
බෝදෙනිය හන්දියෙන් වමට හරවා පොලිස් ස්ථානය ඉදිරිපිටින් ඇති වේවැල්වල මාර්ගය ඔස්සේ 07 කණුව හන්දියට පැමිණීම. එතැනින් දකුණට හරවා ගල්දොල-බෙන්ගමුව මාර්ගයේ ගල්දොල හන්දියට පැමිණ වමට හැරී අකුරැස්ස දෙසට ගමන් කිරීම.
අකුරැස්ස සිට දෙනියාය දෙසට
ගල්දොල හන්දියෙන් දකුණට හැරී ගල්දොල-බෙන්ගමුව මාර්ගයේ ගොස් ආනන්ද හිමි මාවත (කලුකඳ මාර්ගය) ඔස්සේ කලුකඳ හන්දියට පැමිණීම. එතැනින් කොටපොල-ඌරුබොක්ක මාර්ගය ඔස්සේ ඌරුබොක්ක දෙසට ගොස් බෝදෙනිය හන්දියෙන් වමට හැරී බෝදෙනිය මාර්ගය ඔස්සේ T.R.I හන්දිය වෙත පැමිණීම. එතැනින් දකුණට හැරී දෙනියාය දෙසට ගමන් කිරීම.