ඉදිරි සති කිහිපය ශ්‍රී ලංකාවේ දරුණුතම තත්ත්වයක්..ප්‍රභලයෙකුගෙන් අනතුරු ඇඟවීමක්...

Sri Lanka Next weeks risk
By Aruna Aug 01, 2021 01:37 AM GMT
Aruna

Aruna

Report

ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ දරුණුම අවධිය ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි බව හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලිත් පීරිස් මහතා සඳහන් කරයි.

නව ඩෙල්ටා ප‍්‍රභේදය හේතුවෙන් දකුණු ආසියානු කලාපය ඇතුලුව ගෝලීය වශයෙන් ආසාධිතයන් ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි.

ඉදිරි සති කිහිපය තුළ එම ප්‍රභේදය ලංකාවටද විශාල බලපෑමක් ඇති කරනු ඇති බවද තමන් අවධාරණය කරන බවද ඔහු පැවසීය.

ඉදිරි සති කිහිපය ඇතුගත ශ්‍රී ලංකාවට දරුණුතම කොරෝනා වසංගතය ට මුහුණ දීමට සිදුවන බව ද ඒ මහතා අනතුරු ඇඟවීය.

ශ්‍රී ලංකාව තුල මේ වනවිට සිදුවන වේගවත් එන්නත්කරණය සම්බන්ධයෙන් රජයට හා මහාචාර්ය චන්න ජයසුමනට තමන් ස්තූතිවන්ත වන බවද පවසන ඒ මහතා ඉතිරි මාසයන්හි දී කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට එන්නත් මාත්‍රා 2 ලබා ගැනීම පවා ප්‍රමාණවත් නොවනු ඇතැයිද අනතුරු ඇගවීය.

කොළඹ පැවති සම්මන්ත්‍රණයකට අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙමින් ඒ මහතා මෙම අදහස් පල කලේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now