ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගම ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව ලබා දෙයි.
Sri Lanka
By krishani
ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව පසුගිය වසරේ දී ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ සමාගම සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත පිරිනමා තිබෙනවා.
ඒ රුපියල් බිලියන 10 යි දශම 04 ක මුදලක් ය.
එය මෙතෙක් ඉතිහාසයේ ලබා දී ඇති ඉහළම සහ විශාලම ජීවිත රක්ෂණ බෝනස් දීමනාව වේ.
සමාගම සඳහන් කළේ, එය ප්‍රකාශයට පත් කිරිමෙන් මෙරට ප්‍රබලම රක්ෂණ සපයන්නා ලෙස ඔප්පු හිමියන් තබා ඇති විශ්වාසය තහවුරු කර ඇති බවයි.
එමෙන්ම වැඩිදුරටත් එම සමාගම කියා සිටියේ එය අභියෝගාත්මක ආර්ථික තත්ත්වයන් හමුවේ වුව ද ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය වත්කම් සම්භාරය රුපියල් බිලියන 274 ක් සහ ජීවිත අරමුදල රුපියල් බිලියන 156 යි දශම 7 ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වු බවයි.
