හය­වැනි ණය වාරි­කය සමා­ලෝ­ච­න­යට IMF නියෝ­ජි­තයෝ මෙර­ටට

Report

ශ්‍රී ලංකාව සමඟ පවත්වාගෙන යන විස්තීර්ණ ණය වැඩසටහනේ හයවැනි වාරිකයට අදාළ සමාලෝචනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත කණ්ඩායමක් මේ මස අවසානයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ණය වාරික සංඛ්‍යාව 05ක් වන අතර, මෙරට ආර්ථික කාර්යසාධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව රජය විසින් ගෙන ඇති පියවර පිළිබඳ එහිදී පුළුල් ලෙස සමාලෝචනය කෙරෙනු ඇත.

ත්‍රිරෝද රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

ත්‍රිරෝද රියදුරන්ට විශේෂ දැනුම්දීමක්

එම සමාලෝචනයෙන් අනතුරුව හයවැනි ණය වාරිකය මුදාහැරීම සම්බන්ධයෙන් අවශ්‍ය එකඟතාවලට එළඹීමට නියමිත බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ කොන්දේසි සපුරාලීම සම්බන්ධයෙන් රජය ලබා ඇති ප්‍රගතිය ඇගයීමට මෙම සංචාරයේදී ප්‍රමුඛත්වය ලබා දෙන බවත්, එම ඇගයීම් ක්‍රියාවලියෙන් පසුව මූල්‍ය වැඩසටහනේ හයවන වාරිකය නිදහස් කිරීම සඳහා අවශ්‍ය එකඟතාවන්ට එළඹීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

ගෙදර ඉඳන් වැඩ කිරීම සම්බන්ධයෙන් අද අවසන් තීරණය

ගෙදර ඉඳන් වැඩ කිරීම සම්බන්ධයෙන් අද අවසන් තීරණය