ගෙදර ඉඳන් වැඩ කිරීම සම්බන්ධයෙන් අද අවසන් තීරණය

Report

මැදපෙරදිග යුද්ධය හේතුවෙන් ඇතිව ඇති ඉන්ධන අර්බුදය හමුවේ රජයේ නිලධාරීන් නිවසේ සිට රාජකාරි කටයුතු කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට අද (16) පස්වරු 3ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මගපෙන්වීම යටතේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් එක්වන අතර, පාසල් හා විශ්වවිද්‍යාල පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට රජයේ ආරංචි මාර්ග පවසයි.

ලංකාවේ තත්ත්වයත් අර්බුදකාරී අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට පවා අපහසුයි - රජය ගත් තීරණය මෙන්න

ලංකාවේ තත්ත්වයත් අර්බුදකාරී අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට පවා අපහසුයි - රජය ගත් තීරණය මෙන්න

ඊයේ (15) දිනයේද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදී මැදපෙරදිග යුද්ධ තත්ත්වය හේතුවෙන් අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමේදී මතුව ඇති ගැටලු පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කෙරිණි. සෞඛ්‍ය, අධ්‍යාපන, කර්මාන්ත, කෘෂිකර්මාන්ත, ධීවර ආදී ක්ෂේත්‍රවල යාවත්කාලීන ඉන්ධන අවශ්‍යතා පිළිබඳ ලේකම්වරුන් ජනාධිපතිවරයා දැනුවත් කළහ.

සෞඛ්‍ය ක්ෂේත්‍රය වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රාදේශීය ඉන්ධන සංචිත පවත්වාගෙන යාමේ හැකියාව තවදුරටත් සොයා බැලීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර, නිවසේ සිට රාජකාරි කිරීමේ හැකියාව පිළිබඳ විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද ලේකම්වරුන්ට උපදෙස් ලබා දුන්නේය.

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

අත්‍යවශ්‍ය සේවාවන් වන රෝහල් කටයුතු, රෝහල්වලට ආහාර සැපයීම, අඛණ්ඩ විදුලි සැපයුම සඳහා ජෙනරේටර් ඉන්ධන සැපයීම ආදිය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ද අවධානය යොමු විය. මගී හා භාණ්ඩ ප්‍රවාහනය ගැටලුවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඉන්ධන තොග සැපයීමට ද විශේෂ සැලසුම් සකස් කිරීමට තීරණය වී ඇත.

ඉදිරියේදී මතුවිය හැකි ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා පෙර සූදානම් වීමේ අවශ්‍යතාවයත්, දැනට හඳුන්වා දී ඇති ඩිජිටල් කේත (QR) ක්‍රමයේ අඩුපාඩු හඳුනාගෙන එය විධිමත් කිරීමේ අවශ්‍යතාවයත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මුදල් හා වටිනා අවස්ථා ඔබ වෙත ඇදෙන ලග්න ටික මෙන්න

මුදල් හා වටිනා අවස්ථා ඔබ වෙත ඇදෙන ලග්න ටික මෙන්න