ත්‍රිරෝද රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
ආර්ථික කටයුතු සමඟ සෘජුව සම්බන්ධ වන ත්‍රිරෝද රථවලට සතියකට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය පිළිබඳ විශ්ලේෂණයක් කිරීමෙන් අනතුරුව, ඔවුන්ට දැනට ලබාදෙන සතිපතා ඉන්ධන කෝටාව වෙනස් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා පැවසීය.
ඊයේ (15) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මෙසේ සඳහන් කළේය.
“ලංකාවේ වැඩිපුරම තිබෙන්නේ ත්‍රිරෝද රථයේ. එම සංඛ්‍යාව ලක්ෂ දොළහක් පමණ වෙනවා. ඉන්ධන ටැංකි ධාරිතාව වැඩිම ත්‍රිරෝද රථයේ තියෙනවා. ඊළඟට ධාරිතාව වැඩිම මෝටර්සයිකල්. ගිය වතාවෙත් ඉන්ධන කෝටාව දීලා තිබුණේ ලීටර පහෙන් පටන් අරගෙන පසුව වැඩිකරලයි. ගිය වතාවෙදී අවස්ථා දෙකකට ඉන්ධන දීලා තිබුණා. ලීටර 15ක් වෙනකම්. මේ වතාවේ ඒ වැඩි තැන තමයි ත්‍රිරෝද රථ තියලා තියෙන්නේ. මේ රථ කොයිතරම් ආර්ථික කටයුතු සමග සෘජුව සම්බන්ධ වෙනවාද යන දේවල් ගැන විශ්ලේෂණයක් කරලා අවශ්‍ය තීන්දු තීරණ ගනිවි. තෙල් අනවශ්‍ය පරිහරණ නැවැත්වීම පමණයි රජයට මෙතනදි අවශ්‍ය වෙන්නේ. නමුත් මේ නිසා කිසියම් ආර්ථික කටයුත්තකට අහිතකර බලපෑමක් වෙනවා නම්, එය සහතික කළහැකි නම්, එය විශ්ලේෂණය කර බැලිය හැකි නම්, ඒ වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන ලබා දීමට කටයුතු කරනවා”
යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.