ආයේ රජයේ රෝහල් වලින් සුපිරි කෑම වේලක් දෙනවලු - මස් මාලු බිත්තර ඇතුළු කෑම ගොඩක්

Report

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි සහ රුචිකර ආහාර වේලක් ලබාදීම අරමුණු කරගත් විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් වාර්තා කරන්නේ මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය හෙට (06) මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කෙරෙන බවයි.

පාසල් ළමුන්ට රජයෙන් තෑග්ගක් - අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනය

පාසල් ළමුන්ට රජයෙන් තෑග්ගක් - අධ්‍යාපන අමාත්‍යංශ නිවේදනය

මෙම ව්‍යාපෘතියේ විශේෂත්වය වන්නේ රෝගීන්ට ලබාදෙන සාම්ප්‍රදායික තනි පිඟානක ආහාර වේල වෙනුවට, බත්, එළවළු, මැල්ලුම්, මස්, මාළු, බිත්තර ඇතුළු ආහාර අංග වෙන් වෙන්ව තැන්පත් කළ විශේෂ පිඟානකින් ආහාර පිරිනැමීම බවයි.

එවැනි ආකාරයට සැකසූ ආහාර වේලක් දුටු සැණින්ම රෝගියාට ආහාර ගැනීමට රුචියක් හා ප්‍රියතාවක් ඇති වන බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

තෙල් මිල ඉහළට - ජනතාවට ලොකු ප්‍රශ්ණයක්

තෙල් මිල ඉහළට - ජනතාවට ලොකු ප්‍රශ්ණයක්

   

මේ වන විට මහරගම අපේක්ෂා රෝහල තුළ එකවර රෝගීන් 2000කට ආහාර සැකසිය හැකි නවීන පහසුකම්වලින් සපිරි මුළුතැන්ගෙයක් ස්ථාපිත කර ඇති අතර, එයද හෙට දිනයේදී විශේෂ වැඩපිළිවෙළට සමගාමීව විවෘත වන අතර මෙහිදී සාම්ප්‍රදායික “කුස්සිය” හෝ “kitchen” යන නාමය වෙනුවට එය “ආහාරපාන දෙපාර්තමේන්තුව” ලෙස නම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

නවීන ආකාරයට ආහාර සැකසීම හා පිළිගැන්වීම සඳහා අදාළ කාර්ය මණ්ඩලයට විශේෂ පුහුණුවක්ද ලබා දී ඇති බව වාර්තා වේ. මෙම වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා රජයේ රෝහල්වලට ව්‍යාප්ත කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති බවද සඳහන් වේ.

මගේ බුරියට ඇගිල්ල ගහලා ඇද්දා පපුවෙන් ඇද්දා කොණ්ඩේ ගලවලා කනට ගැහුවා - සැකකරුවකු යැයි රැගෙන ගිය පුද්ගලයාගෙන් චෝදනා

මගේ බුරියට ඇගිල්ල ගහලා ඇද්දා පපුවෙන් ඇද්දා කොණ්ඩේ ගලවලා කනට ගැහුවා - සැකකරුවකු යැයි රැගෙන ගිය පුද්ගලයාගෙන් චෝදනා