තවත් අධිවේගී මාර්ගයක් නුදුරේදීම ජනතා අයිතියට..

By Sithumi Jul 09, 2023 02:31 PM GMT
Sithumi

Sithumi

Report

ලබන වසරේ සැප්තැම්බර් අගවන විට කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගය ජනතා අයිතියට පත්කිරීමට බලාපොරොත්තුවන බව මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අදාළ ඉදිකිරීම් කටයුතුවලින් සියයට 70ක් පමණ මේ වන විට අවසන් කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

කුළුණු මත දිවෙන වරාය පිවිසුම් අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයට එක්වෙමින් බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ අතර උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු මේ වන විට සාර්ථකව අවසන් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව අනුරාධපුරයේ සිට ඕමන්ත දක්වා අද (09) දිනයේ පරීක්ෂණ දුම්රියක් ධාවනය කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ ඉඳිපොළගේ මහතා පැවසු අතර උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් පසුගිය ජනවාරි මස 8 වැනි දින සිට කොළඹ සිට අනුරාධපුරය දක්වා දුම්රිය ධාවනය සීමා කර තිබෙනවා.

නවීකරණය කළ දුම්රිය මාර්ගය කඩිනමින් විවෘත කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළ අතර ඉන්දීය ණය ආධාර යටතේ මෙම දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු සිදුකර තිබෙනවා.