රටටම වතුර සැපයුම නවතියිද? අමාත්‍ය සුසිල් රණසිංහගෙන් ජල සැපයුම ගැන විශේෂ ප්‍රකාශයක්
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසන්නේ වැසි නොලැබුණද ජලාශවල පවතින ජල ධාරිතාව අනුව ඉදිරි මාස 3 සඳහා අඛණ්ඩව ජලය සැපයීමට හැකියාව පවතින බවයි.
අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩිදුරටත් පෙන්වා දුන්නේ වෙනස්වන කාලගුණය සමඟ පවතින් තත්ත්වයන් හි වෙනස්කම් සිදුවිය හැකි බවයි.
එමෙන්ම ඔක්තෝබර් මාසය වන තෙක් රටේ ප්‍රධාන ජලාශවල පානීය ජලය සැපයීමට ප්‍රමාණවත් ජලය පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවද පවසා ඇත.
ජල කළමනාකරණ අධ්‍යක්ෂ එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා පැවසුවේ දෙපාර්තමේන්තුව විසින් කළමනාකරණය කරනු ලබන සියලුම ජලාශවල ගබඩා කර ඇති ජලය මුළු ධාරිතාවෙන් 42% දක්වා අඩු වී ඇති බවයි.
හේරත් මහතාට අනුව, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ අම්පාර දිස්ත්‍රික්කවල ජලාශවල ධාරිතාව දැනට පවතින්නේ 24% ක් පමණි.