ලඟදීම ආණ්ඩු පෙරළියක් සිදු වෙන හැටි සහ දිනය වජිර හෙළි කරයි.

By Sithumi Dec 26, 2021 01:44 PM GMT
Sithumi

Sithumi

Report

නියත වශයෙන්ම 2023 අගභාගයේදී ආණ්ඩුව පෙරළා දමන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය

. පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති ක්‍රියාකාරී හමුවකදී එජාප සභාපතිවරයා කීවෙි ආණ්ඩුවට රට පාලනය කිරීම සඳහා නිසි ප්‍රතිපත්තියක්, වැඩපිළිවෙලක් නොමැතිකම නිසා රට මහා විනාශයකට තල්ලු වෙමින් තිබෙන බවයි.

මෙම විනාශයෙන් ජනතාවත්, රටත් මුදාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය දැනටමත් පියවර ගනිමින් සිටින බව කී අබෙිවර්ධන මහතා ආණ්ඩුව සෑම ප්‍රශ්නයකටම කොරෝනාව ඉස්සරහට දාගෙන කටයුතු කරන බවද සඳහන් කළේය.