රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනාවට සීමාකාරී චක්‍රලේඛයක්.. සංශෝධනය කර ඉන්ධන කෝටා වැඩි කරන්නැයි ඉල්ලයි

Report

ජාතික වෘත්තීය හා සිවිල් පෙරමුණ මඟින් වත්මන් වෙළෙඳපොළේ ඉන්ධන මිල මාර්තු මාසයට සාපේක්ෂව කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබුණද, රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනා තවමත් මාර්තු 01 වැනි දින පැවැති පැරණි මිල ගණන් යටතේ ගණනය කර ගෙවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන ඇති බවට චෝදනා කරයි.

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති මෙම සීමාකාරී චක්‍රලේඛය නිසා අදාළ දීමනාවලට හිමිකම් කියන රාජ්‍ය නිලධාරීන් මේ වන විට දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව එම පෙරමුණේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

එනිසා ඉන්ධන දීමනා හිමි, එහෙත් නිවසේ සිට රාජකාරී කරන හෝ තමන්ගේ නිල රථ හා පෞද්ගලික වාහන භාවිත කරමින් ප්‍රාදේශීය මට්ටමින් ක්ෂේත්‍ර රාජකාරිවල නිරත වන නිලධාරීන්ට මාසිකව ඉන්ධන වෙනුවෙන් අතිවිශාල පෞද්ගලික මුදලක් වැය කිරීමට සිදුව ඇති බව ඔහු පෙන්වා දෙයි.

ඩීසල් ලීටරයක් රු. 750කට? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් හෙළිදරව්වක්

ඩීසල් ලීටරයක් රු. 750කට? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් හෙළිදරව්වක්

එමෙන්ම පවතින අධික ජීවන වියදම හමුවේ රාජ්‍ය නිලධාරීන් මත මෙසේ අමතර බරක් පැටවීම අසාධාරණ බව සඳහන් කරන විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා, මෙම තත්ත්වය කෙරෙහි මුදල් අමාත්‍යාංශයේ කඩිනම් අවධානය යොමු විය යුතු බව ද අවධාරණය කර ඇත.

එබැවින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ දැනට පවතින ඉහළ ඉන්ධන මිලට සාපේක්ෂව අදාළ ඉන්ධන දීමනාව සංශෝධනය කර සහනයක් සැලසීමට රජය වහාම පියවර ගත යුතු බවයි.

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

අනිද්දා සිට ලිට්‍රෝ ගෑස් මිලෙත් සංශෝධනයක්..දිවයිනටම දැනුම්දීමක්

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත

විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක් - මෙවර සා.පෙළ විභාගයට ඉල්ලුම් කිරීමට අපේක්ෂිත සියලුම අයදුම්කරුවන් වෙත