සීමා සහිතව වාහනවලට ඉන්ධන ලබාදීමට හේතුව මෙන්න.. (VIDEO)

sri lanka fuel Sri lanka sinhala news today trending news giving new dicision
By krishani Apr 15, 2022 11:54 PM GMT
krishani

krishani

Report

අවසර ලබාදී ඇති පාර්ශ්වවලට හැර වෙනත් පිරිස් සඳහා බූලි සහ බැරල් වෙත පිරවුම්හල් මගින් ඉන්ධන නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ (15) උදෑසන නිවේදනය කළේය.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසුවේ ඉන්ධන හිඟයක් නිර්මාණයවීම වැළැක්වීමට සහ ඉන්ධන ජාවාරම් නතර කිරීම මෙහි අරමුණ බවය.

ඒ අනුව කර්මාන්ත සඳහා බූලි සහ බැරල් වෙත ඉන්ධන ලබාගැනීමට අවශ්‍ය නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර ලබාගත යුතු අතර කෘෂිකාර්මික කටයුතු සඳහා ඉන්ධන ලබාගැනීමේ අවසරය ගොවිජන සේවා නිලධාරීන්ගෙන් ලබාගත හැකිය.

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි සිපෙට්කෝ පිරවුම්හල්වලින් වාහනවලට ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර කළේය.

ඒ අනුව සිපෙට්කෝ පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සඳහා පැනවුණු සීමා ඊයේ දහවල් 1 සිට ක්‍රියාත්මක කෙරුණි.

එහිදී යතුරුපැදි සඳහා එකවර ඉන්ධන ලබාගත හැක්කේ උපරිම රුපියල් 1,000ක මුදලකට පමණි. ත්‍රීරෝද රථ සඳහා එම සීමාව රුපියල් 1,500කි. මෝටර් රථ, වෑන් සහ ජීප් රථ සඳහා පෙට්‍රල් හා ඩීසල් යන ඉන්ධන දෙවර්ගයම නිකුත් කෙරෙන්නේ රුපියල් 5,000ක වටිනාකමකට පමණි.

නමුත් බස්, ලොරි රථ සහ වාණිජ කටයුතු සඳහා යොදා ගැනෙන ට්‍රැක්ටර් රථ ඇතුළු වාහනවලට මෙම සීමා අදාළ නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

මෙලෙස නිවේදනය කර තිබියදීත් හක්මන ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක බූලි සඳහා ඉන්ධන නිකුත් කළ බව වාර්තා විය. මේ අතර පවතින ගැටලුකාරී තත්ත්වය උද්ගත වුයේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ කොලොන්නාව පර්යන්තයේ ඇති අකාර්යක්ෂමතාව නිසා බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය චෝදනා කරයි.

ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමාර රාජපක්ෂ මහතා ඒ බව පැවසීය.

මේ අතර ඉන්දීය ණය පහසුකම යටතේ තවත් ඉන්ධන නැව් දෙකක් තල්දියවත්ත මුහුදු සීමාවට පැමිණ තිබේ.

ඉන් එකක ඩීසල් මෙට්‍රික් ටොන් 41,000ක්ද අනෙක් නෞකාවේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37, 500ක්ද පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

නමුත් ලංකා ඛනිජ තෙල් පුද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන බෙදාහැරීමේ කටයුතු යථා තත්ත්වයට පත්වීමට ලබන සඳුදා දක්වා කල්ගතවන බවය. ලංකා ඛනිජ තෙල් පුද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සභාපති ඒ.එම්.එච්. අධිකාරි මහතා ඒ බව පැවසීය.

විඩියෝ දර්ශන - Ada Derana Y-Tube Channel 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join