ශ්‍රී ලංකාවේ ටූනා, ඉස්සන්, කකුළුවන් ඇතුළු මුහුදු ආහාර නිෂ්පාදන ලෝක වෙළඳපොළ හොල්ලන්න සූදානමක්
ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා ටූනා මත්ස්‍යයින්, ඉස්සන් සහ කකුළුවන් ඇතුළු උසස් තත්ත්වයේ සාගර නිෂ්පාදන රුසියානු වෙළඳපොළට අපනයනය කිරීම ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව සඳහන් කරයි.
ඒ අනුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ එම අමාත්‍යාංශයේදී ඊයේ (29) දින ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් එස්. ජගාරියාන් හමුවූ අවස්ථාවේදීයි.
එසේම එහිදී ධීවර, සාගර වෙළඳ සහ ආර්ථික සබඳතාවල ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමුව ඇත.
ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර නිෂ්පාදන සඳහා රුසියානු වෙළඳපොළට ඇති ප්‍රවේශය ඉහළ නැංවීම කෙරෙහි ද එහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.