වාහන මිල ඉස්සරහට අඩු වෙනවද? ලබන දෙසැම්බර් වෙනකම් මේකයි වෙන්නේ
මුදල් අමාත්‍යාංශය විසින් මෙරටට ආනයනය කරනු ලබන වාහන සඳහා පනවා ඇති සියයට 50 ක අතිභාරය ලබන 2026 වසරේ දෙසැම්බර් මස 31 වනදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත.
රජය විසින් ගනු ලැබූ මෙම තීරණයට අදාළව නිකුත් කර ඇති නවතම ගැසට් නිවේදනයට අනුව, පාවිච්චි කරන ලද (Used) මෙන්ම නවීකරණය කරන ලද වාහන සඳහා ද මෙම අතිභාරය එලෙසම බලපැවැත්වේ.
පසුගිය වසරේ ජනවාරි සහ අප්‍රේල් මාසවලදී ප්‍රකාශයට පත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනවලංගු කාලසීමාව මෙලෙස ලබන වසරේ අවසානය දක්වා දීර්ඝ කර තිබේ. මූල්‍ය ක්ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි, මෙම බදු පැනවීම් තවදුරටත් ක්‍රියාත්මක වීම හේතුවෙන් ඉදිරි කාලසීමාව තුළ මෙරට වාහන මිලෙහි කැපී පෙනෙන අඩුවීමක් අපේක්ෂා කළ නොහැක.
මීට පෙර මෙම අතිභාරය ක්‍රියාත්මක වූයේ නිශ්චිත කාලසීමාවකට පමණි. වත්මන් ආර්ථික තත්ත්වයන් සහ විදේශ විනිමය කළමනාකරණය සැලකිල්ලට ගනිමින් රජය මෙම සහනය ලබා නොදීමට තීරණය කර ඇත.
මේ හරහා දැනට වෙළඳපොළේ පවතින ඉහළ වාහන මිල ගණන් ඒ මට්ටමින්ම ස්ථාවරව පවතිනු ඇතැයි වෙළඳපොළ විශ්ලේෂකයෝ පවසති. මෙම සංශෝධනයත් සමඟ මෝටර් රථ ආනයනකරුවන් සහ පාරිභෝගිකයන් බලාපොරොත්තු වූ මිල සහනයන් තවත් වසරක පමණ කාලයකට ප්‍රමාද වනු ඇති බව වාර්තා වේ.