රට පුරා තද සුළං අවදානමක් – කාලගුණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ අනතුරු ඇඟවීමක්

Report

තද සුළං පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත .

අද (05) පස්වරු 3.30ට නිකුත් කළ මෙම නිවේදනය හෙට (06) පස්වරු 3.30 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව දිවයින හරහා පවතින සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන්, මධ්‍යම, සබරගමුව, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

ධීවර ප්‍රජාවට කාලගුණ අනතුරු ඇඟවීම් - නවතම නිවේදනය මෙන්න

ධීවර ප්‍රජාවට කාලගුණ අනතුරු ඇඟවීම් - නවතම නිවේදනය මෙන්න

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව වාර්තා වේ .    

Advisory for Strong Winds 1780654716 by kanchana