රාජිත සේනාරත්නගේ දේපල තහනම් - මෙන්න අන්තිම දවස

CID - Sri Lanka Police Dr Rajitha Senaratne Law and Order Latest Headlines Sinhala news
By Ashfa Aug 23, 2025 01:11 PM GMT
Ashfa

Ashfa

Report

හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඔහුගේ දේපළ තහනම් කිරීමට අදාළ අධිකරණ නියෝගයක් ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC), පියවර ගනිමින් සිටින බව වාර්තා වේ. මෙම පියවර ගනු ලබන්නේ, එළඹෙන 29 වැනි දින නියමිත පරිදි අධිකරණය හමුවේ පෙනී

මාලිමා ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා පත‍්‍ර සුදානම්

මාලිමා ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා පත‍්‍ර සුදානම්

ඒ අනුව, ලබන 29 වැනි දින නියමිත පරිදි අධිකරණය හමුවේ පෙනී නොසිටියහොත් රාජිත සේනාරත්න මහතාගේ දේපළ පිළිබඳ තොරතුරු රැස් කිරීම දැනටමත් ආරම්භ කර ඇත.

අගමැතිනි හරිනි රනිල් වික්‍රමසිංහ බලන්න ගියේ නෑ - අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

අගමැතිනි හරිනි රනිල් වික්‍රමසිංහ බලන්න ගියේ නෑ - අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

මෙම තොරතුරු, අදාළ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලවලින් සහ ඔහු පදිංචි නිවාසවලට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබා ගැනීමට කටයුතු කරමින් සිටියි. රාජිත සේනාරත්න මහතා මසකට අධික කාලයක් තිස්සේ අධිකරණය මඟ හරිමින් සිටින බවට අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු තහවුරු කරන ලදී.

ඒ අනුව, පසුගිය 20 වැනි දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔහුට ලබන 29 වැනි දින අධිකරණයට පැමිණෙන ලෙස දන්වා සිටින “ප්‍රකාශන නියෝගයක්” නිකුත් කළේය.

ඩයනා ගමගේ අධිකරණයට ඉදිරිපත් වෙයි

ඩයනා ගමගේ අධිකරණයට ඉදිරිපත් වෙයි

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ අත්සන සහ නිල මුද්‍රාව සහිතව සිංහල හා දෙමළ භාෂාවලින් නිකුත් කරන ලද මෙම ප්‍රකාශන නියෝගය, පසුගිය 21 වැනි දින චූදිත රාජිත සේනාරත්න මහතා පදිංචි නිවෙස් පහක ප්‍රදර්ශනය කර භාර දෙන ලදී. එමෙන්ම, අදාළ නියෝගය එම නිවෙස් අවට ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් ප්‍රචාරය කිරීමද සිදු කෙරිණි.

එම නියෝගයේ පිටපතක් දැනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේද ප්‍රදර්ශනය කරයි. මෙම තොරතුරු රැස් කිරීම, චූදිත රාජිත සේනාරත්න මහතාට අයත් බවට සැක කෙරෙන කොළඹ 05 ප්‍රජාව කාර්යාලයේ, මාලබේ තලාහේන, මුත්තෙට්ටුවගොඩ පාර පිහිටි නිවසේ සහ බෙරුවල, හෙට්ටිමුල්ලේ පිහිටි නිවාසයන්ට අදාළ දේපළ සම්බන්ධයෙන් සිදු කරන බවට තවදුරටත් වාර්තා වේ. ඔහුට අයත් වෙනත් දේපළ තිබේද යන්න පිළිබඳවද තොරතුරු සොයා බැලීම සිදු කෙරේ.