අවුරුදු කටේ මුළු රටම බයෙන් හිටපු නරක ආරංචිය - අප්‍රේල් 1 දා ඉඳන් විදුලි ගාස්තුව ඉහළට

Report

2026 වසරේ දෙවන කාර්තුව වෙනුවෙන් විදුලි බිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන ඇත.

ඒ අනුව විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

එසේම මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය මඟින් 13.56%ක විදුලි ගාස්තු සංශෝධනයක් මහජන උපයෝගීතා කොමිසම් සභාවෙන් ඉල්ලා තිබුණා.

මේ යටතේ ඒකක 0 සිට 30 දක්වා වූ කාණ්ඩය වෙනුවෙන් විදුලි ගාස්තුව 04.3%කින් ඉහළ යන අතර මාසිකව රුපියල් 15කින් ඉහළ යනු ඇති බව සඳහන්.

එසේම 31-60 අතර කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 6.9%කින් ඉහළ දමා තිබෙන අතර ඒ අනුව එහි මාසික ගාස්තුව රුපියල් 45කින් ඉහළ ගොස් තිබෙනවා.

උත්සව සමයේ කුකුළු මස් මිල ගණන්වලට වෙන දේ - මස් සහ බිත්තර ගැන දැනුම්දීමක්

උත්සව සමයේ කුකුළු මස් මිල ගණන්වලට වෙන දේ - මස් සහ බිත්තර ගැන දැනුම්දීමක්

61-91 අතර කාණ්ඩය සඳහා 6.9%කින් ඉහළ දමා තිබෙන අතර ඒ අනුව එහි මාසික වැඩිවීම රුපියල් 120ක් වේ. එමෙන්ම 91-120 දක්වා වූ කාණ්ඩය සඳහා 7.1%කින් ඉහළ ගොස් තිබෙන අතර එහි මාසික වැඩිවීම 420ක්ද වන බව සඳහන්.

තවද 180ට වැඩි ඒකක සඳහා ඉහළ විදුලි ගාස්තු ප්‍රතිශතයකින් වැඩි වී තිබෙන අතර එය 25%කින් විදුලි ගාස්තු වැඩිවීමක් ද සිදුකර ඇත.

හෙට මේ පැති වලට වතුර කපනවා - උදේ 9 ඉදන් පැය 5කට වතුර නැහැ

හෙට මේ පැති වලට වතුර කපනවා - උදේ 9 ඉදන් පැය 5කට වතුර නැහැ

මේ අතර මාසික ඒකක පරිභෝජනය ඒකක 180ට අඩු ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු ඉහළ නොදැමීමට පියවර ගෙන ඇත.

එසේම එම අංශයේම ඒකක 180ට වැඩි විදුලි පරිභෝජනයක් වෙනුවෙන් පමණක් 9.6%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහාද අනුමැතිය ලබා දීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

එසේම පොදු කාර්ය සහ පාරිභෝගික කාණ්ඩය වෙනුවෙන් විදුලි ගාස්තුව 8%කින් ඉහළ දැමීමටද තීරණය කර ඇති අතර කර්මාන්ත අංශය වෙනුවෙන් විදුලි ගාස්තුව 8.7ක් දක්වා පමණක් සීමා කිරීමටද එම කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

එසේම රාජ්‍ය ආයතන සඳහාද විදුලි ගාස්තුව 14.1%කින් ඉහළ දැමීමටද උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්

සියලුම ජනතාව වෙනුවෙන් විශේෂ ගැසට් නිවේදනයක්