කාලගුණය උඩුයටිකුරු කරමින් මහනුවර මේ ප්‍රදේශවලට හදිසි ගං වතුර තත්ත්වයක්
අධික වර්ෂාපතනය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකින් ජල ගැලීම් තත්ත්වයක් වාර්තා වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.
මේ හේතුවෙන් පවුල් 8කට අයත් පුද්ගලයින් 25 දෙනෙකු ආපදාවට ලක්ව ඇති අතර, ඔවුන් නාවලපිටිය බව්වාගම විද්‍යාලයේ තාවකාලිකව රඳවා තබා සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.
පසුගිය පැය කිහිපයේ වැඩිම වර්ෂාපතනය කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට ප්‍රදේශයෙන් (මිලීමීටර් 119) වාර්තා වී ඇති අතර හංවැල්ල, ඇල්පිටිය, නෙළුව, දුන්හින්න, වතුරවිල්ල සහ නාඋල යන ප්‍රදේශවලට ද මිලිමීටර් 50ත් 119ත් අතර වැසි ලැබී තිබේ.
මේ අතර, එල් නිනෝ කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් දිවයින පුරා දිස්ත්‍රික්ක 8ක (අම්පාර, අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, මාතලේ, මොනරාගල, පොළොන්නරුව සහ රත්නපුර) පවුල් 49,344කට අයත් පුද්ගලයින් 161,451 දෙනෙකු පීඩාවට පත්ව ඇත.
එම පිරිස අතුරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක ජීවත්වන පවුල් 43,221ක පුද්ගලයින් 141,312 දෙනෙකු වෙනුවෙන් පානීය ජලය බෙදා හැරීමේ විශේෂ වැඩසටහනක් ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය නිසා බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර, සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
වියළි කාලගුණය සහ අධික වර්ෂාව යන තත්ත්වයන් දෙකටම මුහුණදීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සූදානම්ව සිටින අතර, කඳුකර ප්‍රදේශවල ජනතාව නායයාම් පූර්ව ලක්ෂණ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, හදිසි ආපදා දැනුම්දීම් සඳහා 117 ක්ෂණික අංකය අමතන ලෙසත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.