ලංකාවේ ප්‍රධාන ඉන්ධන සමාගම් විසින් පිරවුම්හල්වලට ඉන්ධන නිකුත් කිරීම තදබල ලෙස සීමා කරයි

Report

ලංකා IOC, සයිනොපෙක්  සහ ආර්.එම් පාර්ක් යන පෞද්ගලික ඉන්ධන සමාගම් විසින් පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම තදබල ලෙස සීමා කර ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පවසයි.

අද (14) පෙරවරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් එම සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා පැවසුවේ අදාළ සමාගම් මෙරටට ඉන්ධන ආනයනය කරන මිල සහ දේශීය වෙළඳපොළේ අලෙවි කරන මිල අතර පවතින විශාල පරතරය හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති බවයි.

බ්‍රිතාන්‍ය හිටපු අගමැති ඇතුළු ප්‍රභූන් රැසක් අනූනමයෙන් බේරෙයි - රාජ්‍ය තාන්ත්‍රික දුම්රිය පිට වී මිනිත්තු කිහිපයකින් ඩ්‍රෝන ප්‍රහාරයක්

බ්‍රිතාන්‍ය හිටපු අගමැති ඇතුළු ප්‍රභූන් රැසක් අනූනමයෙන් බේරෙයි - රාජ්‍ය තාන්ත්‍රික දුම්රිය පිට වී මිනිත්තු කිහිපයකින් ඩ්‍රෝන ප්‍රහාරයක්

වත්මන් රජයේ මිල සූත්‍රයට අනුව ඉන්ධන අලෙවි කිරීමෙන් තමන්ට විශාල පාඩුවක් විඳීමට සිදුවන බව එම පෞද්ගලික සමාගම් සමඟ පැවැති සාකච්ඡාවලදී ඔවුන් ප්‍රකාශ කර තිබේ.

රජය මඟින් තරගකාරී මිල ගණන් යටතේ ඉන්ධන අලෙවි කිරීමට අවස්ථාව ලබාදෙන බවට මුලින් පොරොන්දු වූවද, දැනට පවතින රජයේ නියමිත මිල ගණන් යටතේ පාඩු ලබමින් ඉන්ධන නිකුත් කිරීමට සිදුවීම නිසා එම සමාගම් වෙළඳපොළට ඉන්ධන සැපයීම මෙලෙස සීමා කර ඇත.

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 97,000 ඉක්මවයි - මරණ 74ක්

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 97,000 ඉක්මවයි - මරණ 74ක්

මෙම සැපයුම් සීමා කිරීම හේතුවෙන් මහජනතාව මෙන්ම ඉන්ධන පිරවුම්හල් හිමියන් ද දැඩි අසීරුතාවට පත්ව ඇති අතර, පිරවුම්හල් පවත්වාගෙන යාම පවා මේ වන විට විශාල ගැටලුවක් වී ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.