දිවයිනේ ප්‍රධාන ජලාශවල ජල ධාරිතාව පහළට- වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් විශේෂ හෙළිදරව්වක්
මේ වනවිට දිවයිනේ පිහිටි ප්‍රධාන ජලාශවල මේ වන විට ගබඩා වී ඇති ජල ප්‍රමාණය 45%කට ආසන්න අගයක් ගන්නා බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් පාලනය කරනු ලබන ජලාශවල ජල ධාරිතාව මේ වන විට 33%කට ආසන්න අගයක් ගන්නා බව එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එච්.එස්.ඩී. හේරත් මහතා සදහන් කර ඇත .
එතුමා සදහන් කළේ අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය සහ මන්නාරම් දිස්ත්‍රික්කවල පවතින ජල ප්‍රමාණය මේ වන විට 20%කට ආසන්න අගයක පවතින බවයි කෙසේ වෙතත් මේ වන විට යල කන්නයේ අවසන් අදියරට පැමිණ ඇති බැවින් කෘෂිකාර්මික කටයුතු සඳහා ප්‍රමාණවත් වන බවද ඔහු සඳහන් කර ඇත.
ඒ වගේම මෙම ජලාශවලින් පානීය ජලය ලබා ගන්නා ප්‍රදේශවලටද පානීය ජල ගැටලුවක් ඇති නොවනු ඇති බවට අපේක්ෂා කරන බවද එතුමා තව දුරටත් සදහන් කර තිබේ.
තවද ඉදිරි මහ කන්නයේ කෘෂිකාර්මික කටයුතු පිළිබඳව මේ වන විට සැලසුම් සකස් කර ඇති බවත් අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වගා කටයුතු හෙට (15) දිනයේදි ආරම්භ කිරීමට පෙර කන්න රැස්වීම් සහ කන්න රැස්වීම් හිදී තීරණය වූ බවත් ඔහු සඳහන් කළේය.
එම දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්‍යක්ෂක ජල කළමනාකරණ ඉංජිනේරු එච්.එම්.පී.එච්.එස්.ඩී. හේරත් මහතා වැඩි දුරටත් සදහන් කළේ මීට අමතරව මහ කන්නයේ අනෙකුත් වාරි ව්‍යාපාරවල වගා කටයුතු ආරම්භ කිරීම පිළිබඳව ජලාශවල පවතින ජල ප්‍රමාණය සහ වර්ෂාවල පවතින පුරෝකතන අනුව සැලසුම් සකස් කරමින් පවතින බවත් බොහෝ වාරි ව්‍යාපාරවල හෙට දිනයේදී ආරම්භ කිරීමට තීරණය වී ඇති බවයි .