වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 97,000 ඉක්මවයි - මරණ 74ක්
ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 97,637 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
වාර්තා වී ඇති සමස්ත රෝගීන් අතුරින් 74 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද එම ඒකකය සඳහන් කරයි.
එසේම සැප්තැම්බර් මාසයේ ගතවූ මුල් දින 13 තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,146 දෙනෙකු හඳුනාගෙන තිබේ.
සමස්ත ඩෙංගු රෝගීන් වාර්තාවීම සලකා බැලීමේදී වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 20,742කි.
ලෝක වෙළෙඳපොළේ ඩීසල්, පෙට්‍රල් සහ බොරතෙල් මිල අහස උසට.. ඉන්ධන මිල ගැන ගන්න යන තීරණය - සංස්ථාවෙන් දැනුම්දීමක්
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 19,235ක්, මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,291ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,247ක් ලෙස වැඩි වශයෙන් රෝගීන් වාර්තා වූ සසු අනික් දිස්ත්‍රික්ක අතර වේ.
ඩෙංගු අධි අවදානම් සහිත ප්‍රදේශවල මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට සහ මර්දන වැඩසටහන් කඩිනම් කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.