අමාත්‍ය විජිත හේරත් තායිලන්තයට- රැකියා සහ ආර්ථික සබඳතා ඉහළ නැංවීමට එකඟතා
තායිලන්ත කම්කරු අමාත්‍යවරයාගේ ආරාධනය පරිදි, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, අද වැනි දින සිට 16 වැනි දා දක්වා තායිලන්තයේ නිල සංචාරයක නිරතවීමට නියමිතව ඇත.
මෙම සංචාරය අතරතුරදී, අමාත්‍ය හේරත්, තායිලන්ත කම්කරු අමාත්‍යවරයා, සංචාරක අමාත්‍යවරයා සහ වැඩබලන විදේශ කටයුතු අමාත්‍යවරයා සමග සාකච්ඡා පවත්වනු ඇති අතර, එහිදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.
‘කම්කරු සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම’ සහ ‘තායිලන්තයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සේවයේ යෙදවීම පිළිබඳ එකඟතා ගිවිසුම’ අත්සන් කිරීම මගින් දෙපාර්ශ්වයම කම්කරු ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරනු ලබයි .
මෙම සංචාරය මගින් සංචාරක හා රැකියා, සංක්‍රමණ සහ ශ්‍රමිකයන්ගේ සංචලතාව යන ක්ෂේත්‍රවල ප්‍රායෝගික සහයෝගීතාව වර්ධනය කිරීමටත්, ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා වැඩිදියුණු කිරීමටත් අවස්ථාව සැලසෙනු ඇති බවද වාර්තා වෙයි .