ශ්‍රී ලංකා මහ බැංකුවේ නව­තම වාර්තාව රටටම සුබ වෙයි - රජයේ ආදා­යම 25.1%කින් ඉහ­ළට

Report

පසුගිය වසරේ මුල් මාස 07ට සාපේ­ක්ෂව මේ වසරේ මුල් මාස 07 නිමා වන විට අය-වැය පර­ත­රය රුපි­යල් බිලි­යන 109.7 දක්වා ශීඝ්‍ර­යෙන් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දන්වයි.

එමෙන්ම මුල් මාස 07 (ජූලි) දක්වා රජයේ ආදා­යම 25.1%කින් වර්ධ­නය වී ඇති බවත් සඳහන්.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නව­තම සති­පතා ආර්ථික දර්ශක වාර්තා­වට අනුව, 2026 ජූලි මාස­යෙන් අව­සන් වූ මුල් මාස 07 තුළ රජයේ සමස්ත අය-වැය පර­ත­රය රුපි­යල් බිලි­යන 109.7 දක්වා සැල­කිය යුතු ලෙස පහත වැටී ඇත.

ඉකුත් 2025 වසරේ අදාළ කාල­ ප­රි­ච්ඡේ­දය තුළ අය-වැය පර­ත­රය රුපි­යල් බිලි­යන 556.1ක් වශයෙන් සට­හන් විය.

විශ්‍රාමික මේ නිලධාරීන් යළි සේවයට.. සැලසුම් සහ සාකච්ඡා

විශ්‍රාමික මේ නිලධාරීන් යළි සේවයට.. සැලසුම් සහ සාකච්ඡා

එම මාස 07 තුළ රජයේ ආදා­යම සහ අනු­දාන රුපි­යල් බිලි­යන 3,421.3 දක්වා 25.1%කින් ඉහළ ගොස් තිබෙන අතර, සමස්ත විය­දම සහ ශුද්ධ ණය දීම් 7.3%කින් ඉහළ ගොස් රුපි­යල් බිලි­යන 3,531.0ක් බවට පත්ව ඇති බව සඳහන්.

එසේම 2026 මැයි අග වන විට මධ්‍යම රජයේ සමස්ත ණය ප්‍රමා­ණය රුපි­යල් බිලි­යන 30,795.04ක් වන අතර, ඉන් දේශීය ණය රුපි­යල් බිලි­යන 18,609.43ක් සහ රුපි­ය­ල්ව­ලින් අගය කරන ලද විදේ­ශීය ණය රුපි­යල් බිලි­යන 12,185.61ක් වශයෙන් සට­හන් වේ.   

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹෙයි - මුහුදු රළ ඉහළට - ඉදිරි පැය 24 අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැළඹෙයි - මුහුදු රළ ඉහළට - ඉදිරි පැය 24 අවධානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

ඩීසල් ලීටරය රු. 170කින් වැඩි කරයි ද? තෙල් ගැන නරක ආරංචියක්

ඩීසල් ලීටරය රු. 170කින් වැඩි කරයි ද? තෙල් ගැන නරක ආරංචියක්

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - සේවකයන්ගේ අයිතියක්,වරප්‍රසාදයක් ආදිය ගැන දැනුම්දීමක්

රාජ්‍ය සේවකයන්ට විශේෂ නිවේදනයක් - සේවකයන්ගේ අයිතියක්,වරප්‍රසාදයක් ආදිය ගැන දැනුම්දීමක්