වාහන අමතර කොටස් තොගයක් සම්බන්ධයෙන් හෙට දින සිදුකිරීමට ගත් පියවර.
Sri Lanka
By krishani
පසුගිය වසර 5 ක කාලසීමාව තුළ නීතිවිරෝධිව මෙරටට ගෙන් වූ වාහන අමතර කොටස් තොගයක් හෙට (20) දින ඔරුගොඩවත්ත බහලුම් පර්යන්තයේ දී විනාශ කිරිමට නියමිතයි.
රේගු විමර්ශනවලින් අනතුරුව එම වාහන කොටස් රාජසන්තක කර තිබු අතර රේගු භාරයට ගත් මෙවැනි අමතර කොටස් විශාල තොගයක් පවතියි.
ඉන් කොටස් 100 ක පමණ ප්‍රමාණයක් මෙලෙස මුල් අදියරයේ දී විනාශ කරනු ලබන අතර වෙනත් භාණ්ඩ ආනයන කිරීමේ මුවාවෙන් ව්‍යාජ ලිපිලේඛන සකසා මෙම අමතර කොටස් ගෙන්වා ඇත්තේ.
යම් හෙයකින් මෙම අමතර කොටස් වෙළඳපොලට නිකුත් වුවහොත් ප්‍රමිතියෙන් තොර වාහන එකලස් කිරීමේ අවදානමක් පවතින අතර ඒ හේතුවෙන් මෙලෙස එම අමතර කොටස් විනාශ කිරීමට පියවර ගත් බව රේගුව සඳහන් කළේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |