ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය අලුත් වෙයි - නවතම වෙනස්කම් මෙන්න..(PHOTOS)
By Sewvandhi
මෙවර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම ඊයේ (30) සිදු කෙරුණි.
කටුනායක වෙළෙඳ කලාපයේදී එළිදැක්වීම සිදුවු අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක ඇතුළු සෙසු ක්‍රිකට් ක්‍රීඩකයින් එක්විය.
විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 16 වනදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භවීමට නියමිතය. විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය පැවැත්වෙන ඔස්ට්‍රේලියාවේ දේශගුණික තත්ත්වයන්ට සරිලන ආකාරයෙන් මෙම ජර්සිය සකස් කර තිබීම විශේෂත්වයකි.
එමෙන්ම ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ශූරයින් බවට පත්වු අභිමානය පිළිඹිබු වන අන්දමින් සහ කණ්ඩායමේ සිංහාභිමානය සංකේතවත් කරමින් මෙම ජර්සිය නිර්මාණය කර තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |







