පොල් ගෙඩියක් වැටිලා පුංචි සස්මිත මරු තුරුළට, සල්ලි නැති නිසා පොඩි එකාට අවසන් කටයුතු කරන්නවත් විදිහක් නැල්ලු
වෙන්නප්පුව ප්‍රදේශයෙන් වයස අවුරුදු දෙකක් වුණු පුංචි දරුවෙක් පොල් ගෙඩියක් හිස මත වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම අනතුරින් පසු අඳාළ දරුවා මාරවිල රෝහලට රැගෙන ගොස් ඇති අතර ඉන්පසුව දරුවා වැඩිදුර ප්‍රතිකාරවලට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළත් අනතුරුව මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.

වසන්ත සමරසිංහ ඒලෙවල්වලින් දිස්ත්‍රික්කේ තුන්වෙනියලු, සුදුසුකම් කියලා බලෙන්ම මාලිමා මන්ත්‍රී අත්පුඩිත් ඉල්ලයි
ඉකුත් 14 වන දින මෙසේ අනතුරට පත්ව ඇත්තේ ජීවන් කුමාර සස්මිත් නැමති අවුරුදු 2ක් වයසැති දරුවෙක්.
ඔහු මේ අනතුරට මුහුණ පා ඇත්තේ වෙන්නප්පුව බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පොල් මට්ටා කැබලි කරන නිවසක සේවය කරන තම මවත් පියාත් රාජකාරියේ නිරතවන අතරතුරයි.
අනතුරින් සිහිසුන්වූ පුංචි සස්මිත් මාරවිල රෝහලට රැගෙන ගියත් ඔහුගේ තත්ත්වය බරපතළ වීම නිසා කොළඹ ජාතික රෝහලට මාරුකර තිබෙනවා.

මං හිතුවේ මගේ කොන්ද හරි කැඩිලා ඇති කියලා..එක්තැන් වෙලා ඉන්නේ නැති එක ගැන මට සතුටුයි, බුකිය කළඹපු වීඩියෝව ගැන හිමාලි කිව්ව කතාව
එහෙත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුදා උදෑසන පුංචි සස්මිත් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සියල්ලන් හඬවමින්.
එසේම දුප්පත්කමින් මිරිකෙන සස්මිත්ගේ පවුලට අවසන් කටයුතු කිරීමටවත් වත්කමක් නොතිබීම හේතුවෙන් සස්මිත්ගේ භූමදානය සිදුකෙරෙන්නේත් කොළඹ ජාතික රෝහලෙන්ම බව වාර්තා වේ.