T 10 තරඟාවලියට යන ශ්‍රී ලංකා ක්‍රිකට් තරු එළියට

cricket sri lanka
By Thaya Dec 25, 2020 11:33 AM GMT
Thaya

Thaya

Report

ලබන වසරේ ජනවාරි මස 28 වැනිදා සිට පෙබරවාරි මස 6 වැනිදා අබුඩාබිහිදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන ටී 10 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක් තෝරා ගැනීම ඊයේ සිදු කෙරුණා.

කණ්ඩායම් 8ක් එක්වන මෙවර ටී 10 ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 12 දෙනෙකු එක් වනු ඇති.මෙම ක්‍රීඩක තෝරා ගැනීමට පෙරම තිසර පෙරේරා පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයා ලෙස නම් කළ අතර අතර ඉසුරු උදාන බංග්ලා ටයිගස් කණ්ඩායමේ ප්‍රධාන විදෙස් ක්‍රීඩකයා ලෙසින් නම් කිරීමට කටයුතු කළා.

තිසර ක්‍රීඩා කරන පූනේ ඩෙවිල්ස් කණ්ඩායමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන අජන්ත මෙන්ඩිස් සහ චාමර කපුගෙදර ඊයේ පැවති ක්‍රීඩක තෝරා ගැනීමේදී එක් කර ගැනීමත් විශේෂත්වයක්.මිට අමතරව දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර දිල්ලි බුල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරනවා.

ටීම් අබුඩාබි කණ්ඩායම ක්‍රීඩක තෝරා ගැනීමට පෙරම අවිශ්ක ප්‍රනාන්දු සිය කණ්ඩායමට වෙන් කර ගත්තා.සුපිරි ක්‍රීඩක අන්ඩ්‍රේ රසල් ප්‍රධාන විදෙස් ක්‍රීඩකයා ලෙසින් එක් වන නෝර්දන් වොරියර්ස් කණ්ඩායමට යොවුන් ක්‍රීඩක මහේෂ් තීක්ෂණ මිලදී ගැනීමත් මෙවර කැපීපෙනුනා.

එම කණ්ඩායමට නුවන් ප්‍රදීප් දක්‍රීඩා කරනු ඇති.පසුගිය වර ටී 10 තරගාවලියේ දී ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ භානුක රාජපක්ෂ එම කණ්ඩායම මෙවරත්, රදවා ගනිද්දී,ඊයේ ඔවුන් විසින් වනිඳු හසරංග සහ ලහිරු කුමාර මිලදී ගත්තා.