කැළඹුණු කාලගුණයෙන් ක්‍රිකට් නවතී - සියලු දේශීය ක්‍රිකට් තරගාවලි කල් දැමීමට තීරණයක්
By Kaushi
සියලු දේශීය ක්‍රිකට් තරගාවලි කල් දැමීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දෙයි.
ඒ අනුව එසේ දේශීය ක්‍රිකට් තරගාවලි කල් දැමීමට තීරණය කර ඇත්තේ, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බව එම ආයතනය සඳහන් කරයි.
දිවයිනේ ප්‍රදේශ රැසකට මේ දිනවල බලපා ඇති අධික වර්ෂාපතනය, තද සුළං සහ ක්‍රීඩාංගණවල පවතින අයහපත් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත්තේ විශේෂයෙන් ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව, ක්‍රීඩාංගණ පහසුකම් සහ තරග සාධාරණව පැවැත්වීම සම්බන්ධ කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් බව පවසයි.
ඒ අනුව අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය, ‘බී‘ කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සහ ආණ්ඩුකාර කුසලාන තරගාවලිය ද දින නියමයක් නොමැතිව කල්දමා ඇත.
මෙසේ කල් දමන ලද තරගාවලි නැවත පැවැත්වෙන දිනයන් ක්‍රිකට් ආයතනය විසින් නුදුරේදී දැනුම් දෙනු ඇති බව ද දන්වා ඇත.