පාසල් දරුවන් සහ ගැරුවරුන් මඟ දෙපසට එයි..අපේ විරුවන්ට උණුසුම් පිළිගැනීමක්.(VIDEO)

By Aruna Sep 13, 2022 03:34 AM GMT
Report

හය වන වරටත් ආසියානු ක්‍රිකට් රජුන් ලෙස ඔටුනු පලන් මෙරට ක්‍රිකට් ක්‍රීඩකයින් සහ හයවන වරට ආසියානු දැල් පන්දු රැජිණියන් ලෙස කිරුළු පලන් ශ්‍රී ලංකා දැල්පන්දු ක්‍රීඩිකාවන් අද (13) අලුයම දිවයිනට පැමිණියා.

ඔවුන් පිළිගැනීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේදී විශේෂ උත්සව දෙකක් සංවිධාන කර තිබුණා.

දිවයිනට පැමිණි කණ්ඩායම් දෙක විශේෂ රථ පෙරහැරකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට මේ වන විට කොළඹට කැඳවාගෙන එමින් සිටිනවා.

සිංගප්පූරුවේ පැවති 12 වන ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ ශූරතාව අපරාජිතව දිනා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණේ අවසන් තරඟයේදී සත්කාරක සිංගප්පූරු කණ්ඩායම ලකුණු 63ට 53ක් ලෙස පරාජය කරමින්.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආසියානු දැල් පන්දු රැජිණියන් ලෙස අභිසෙස් ලැබූවේ හයවන වරට වීමද විශේෂත්වයක්.

දිවයිනට පැමිණි ආසියානු දැල්පන්දු ශූරියන්ට එහිදී උණුසම් පිළිගැනීමක් හිමිවුණා.

ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක ඇතුළු ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරීන්, ශ්‍රී ලංකා දැල්පන්දු සංගමයේ නිලධාරින් සහ ක්‍රීඩිකාවන්ගේ පවුල්වල සාමාජිකයින් අතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඉන් අනතුරු ව දිවයිනට පැමිණියේ ආසියාවේ ක්‍රිකට් රජවරු ලෙස අභිසෙස් ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති 15 වන ආසියානු ශූරතා ක්‍රිකට් තරගාවලියේ ශූරයින් බවට පත්වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වූයේ අවසන් මහා තරගයේ දී ප්‍රබල පාකිස්ථාන කණ්ඩායම ලකුණු 23කින් පරාජයට පත් කරමින්.

මෙරටට පැමිණෙන්නට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණි දසුන් ශානක ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකයන්ට එහි දී උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.

පැය හයකට ආසන්න ගුවන් ගමනකින් අනතුරුව දිවයිනට පැමිණි ආසියානු ක්‍රිකට් රජවරු පිලිගැනීමට ක්‍රීඩා අමාතයාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එක්ව විශේෂ වැඩසටහනක් සංවිධාන කර තිබුණා.

මේ වන විට ශ්‍රී ලංකා ශූරයින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කොළඹට කැඳවාගෙන එමින් සිටින අතර මඟ දෙපස සිටින පාසල් දරුවන් ඇතුළු විශාල පිරිසකගෙන් උණුසුම් පිළිගගැනීමක් හිමිවෙමින් පවතී.

එහි වීඩියෝ දර්ශන පහතින් නරඹන්න.

මේ වන විට ඔවුන් ජා-ඇල ප්‍රදේශය පසු කරමින් ඉදිරියට ගමන් කරමින් පවතී.

එහි සජීවී දර්ශන පහතින් බලන්න.



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now