ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනසකට සැරසෙයි. - ව්‍යවස්ථාවේ සංශෝධයකට අනුමැතිය හිමිවෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අද (20) පැවැත් වූ විශේෂ මහ සභා රැස්වීමේදී (EGM) ක්‍රිකට් ව්‍යවස්ථාවේ සුවිශේෂී සංශෝධයක් සිදුකිරීමට අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව ඔවුන්ගේ ඡන්දය හිමි සාමාජිකයන්ගේ සංඛ්‍යාව 147 සිට 60 දක්වා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුකිරීම සඳහා අනුමැතිය ලබාදී ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ ඡන්ද අයිතිය තීරණය කෙරෙන්නේ එක් එක් ක්‍රිකට් සමාජය ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය අනුව බවයි නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
ඒ අනුව එම ක්‍රිකට් සමාජයකට හෝ සංගමයකට එක් ඡන්දය බැගින් හිමිවෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය සඳහා විශ්‍රාමික විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ අතර එම කමිටුව විසින් සකස්කළ ව්‍යවස්ථා කෙටුම්පත එවකට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට 2024 ජූනි මාසයේදී භාරදෙනු ලැබුවා.
එමෙන්ම ඡන්ද අයිතිය හිමිවිය යුතු ක්‍රිකට් සමාජ සම්බන්ධයෙන් ද එහි නිර්දේශ ඇතුළත්ව තිබූ බව සඳහන්.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කළමනාකරණය සහ විනිවිදභාවය ශක්තිමත් කිරීම සඳහා අද පැවති විශේෂ මහ සභා රැස්වීමේදී එහි සාමාජිකයින් එකඟ වී ඇත.

ක්ලබ් වසන්තගේ බිරිඳ මැණික් ගැන තවත් අලුත් ආරංචිය මෙන්න. - බලන්නකෝ දැන් එයා ඉන්න විදිහ. (VIDEO /PHOTOS)
You May Like This Video
